ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට අධි තාක්ෂණික ස්කෑන් තොගයක්.

Government Of Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Gagana Apr 11, 2024 02:50 AM GMT
Gagana

Gagana

Report

කටුනායක ගුවන්තොටුපොලේ මෙහෙයුම් සහ කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ජපන් රජයෙන් මෙලෙස අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක ප්‍රදානයක් හිමි වී තිබෙනවා.

අද (10) කටුනායක ගුවන්තොටුපොලේ දී එම පළමු උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි මහතා විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාරදුනි.

මෙම ස්කෑන් යන්ත්‍ර මගින් විදේශිකයන් විසින් මෙරටට පැමිණීමේ දී පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සිදු කෙරේ.

ඊට අමතර ව, ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශීය ගමන් බලපත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛව මිතික ප්‍රවේශ පාලන පද්ධතියක් ද ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

තව ද, කටුනායක ගුවන්තොටුපොල තුළ ඒකක 150කින් යුත් සුහුරු වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීමට ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. 

...............................................................

May you Like