උසස් පෙළේ ඉහළ ලකුණු ලබාගත් සිසුන්ට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල පුහුණුව

Report

උසස් පෙළ විභාගයේ ඉතා ඉහළ ලකුණු ලබා ඇති දක්ෂ සිසුන් රජයේ සම්පූර්ණ වියදමින් ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලවලට යැවීමෙන් රටට අවශ්‍ය නිශ්චිත ක්ෂේත්‍රවල විශේෂඥයන් බිහිකිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මෙම වැඩසටහන යටතේ එම සිසුන් අනාගතයේදී තම රටට එම නිශ්චිත සේවාවන් ලබාදිය යුතු බවට අරමුණක් සහිතව ක්‍රියාත්මක කරන බවයි අද (04) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය සඳහන් කළේ.

ඒ අනුව, සිසුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් පසු ඔවුන් විදේශ උසස් අධ්‍යාපනය සඳහා යැවීමට පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

පැයක් ඇතුළත අනතුරට පත් ඉරාන නැවේ හිටපු 180න් 35ක් බේරා ගයි - මුදවා ගැනීමෙන් පසු 30ක් රෝහලට

පැයක් ඇතුළත අනතුරට පත් ඉරාන නැවේ හිටපු 180න් 35ක් බේරා ගයි - මුදවා ගැනීමෙන් පසු 30ක් රෝහලට

ජාත්‍යන්තර තෙල් මිලවල සැලකිය යුතු ඉහළ යාමක්

ජාත්‍යන්තර තෙල් මිලවල සැලකිය යුතු ඉහළ යාමක්