රාජිතගේ නඩුව නැවත කැඳවන්න මහාධිකරණයෙන් දින

Dr Rajitha Senaratne Sri Lanka Politician Sri Lanka Law and Order Sinhala news
By Kaushi Jun 03, 2025 07:30 AM GMT
Kaushi

Kaushi

Report

එළඹෙන අගෝස්තු මාසයේ 29 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට විරුද්ධව ගොනු කර ඇති නඩුව නැවත කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය මඟින් නියම කර ඇති බව වාර්තා වේ.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

ඒ අනුව මෙහි දී එල්ල වී තිබූ චෝදනාව වූයේ 2014 වර්ෂයේදී ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින විට මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ බවයි.

ඒ අනුව අද දින මෙම නඩුව කොළඹ මහාධිකරණයේ දී නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවා තිබෙනවා.

එම අවස්ථාවේදී විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ වෙනුවෙන් දිනයක් ලබා දෙන ලෙසට අල්ලස් කොමිසම සඳහා පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

ඒ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ලබා දී නඩුව යලි අගෝස්තු මාසයේ 29 වන දින කැඳවන ලෙස නියෝග කර ඇති බව සඳහන්.

එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව අඳාළ නඩුව අල්ලස් කොමිසම මඟින් ගොනු කර ඇත. 

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

ReeCha