ඊශ්‍රායල යුද නෞකාවකට හිස්බුල්ලා ප්‍රහාර එල්ල කරයි

Report

අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන ආකාරයට ලෙබනන් වෙරළට නාවික සැතපුම් 68ක් දුරින් පිහිටි ඊශ්‍රායල යුද නෞකාවකට තම සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර සිටියි.

හිස්බුල්ලා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ යුද නෞකාව ලෙබනන් භූමියට එරෙහිව ආක්‍රමණශීලී ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටි බවයි.

අබුඩාබි ඇවිලෙයි - බලාගාර ගිනි ගනී - සියලු කටයුතු වහාම

අබුඩාබි ඇවිලෙයි - බලාගාර ගිනි ගනී - සියලු කටයුතු වහාම

පැය කිහිපයක කාලයක් අදාළ නෞකාව පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය සඳහා නාවික කෲස් මිසයිලයක් (Naval cruise missile) භාවිතා කළ බව එම සංවිධානය පවසා ඇත.

එල්ල කරන ලද මෙම මිසයිල ප්‍රහාරය නෞකාවේ සෘජුවම වැදුණු බව තහවුරු වී ඇති බව ද හිස්බුල්ලා සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.

ඊශ්‍රායලය කුඩු පට්ටම් වෙයි - ඊශ්‍රායල වැසියන් 6771 කට තුවාල - අයන් ඩෝමයත් වැඩකට නැහැ වගේ

ඊශ්‍රායලය කුඩු පට්ටම් වෙයි - ඊශ්‍රායල වැසියන් 6771 කට තුවාල - අයන් ඩෝමයත් වැඩකට නැහැ වගේ