මට දැන් හොඳට ෆයිට් කරන්නත් පුලුවන්, හේශානි ලියදිපිට (PHOTOS)
ධරණී ටෙලිනාට්‍ය තුලින් එන ප්‍රධාන චරිතයක් තමයි තරුමිනි කියන්නේ. දැන්නම් මේ සුරුපිනිය ගැන නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නැහැ, කෙටි කාලයකින් රටේම ජනප්‍රිය වෙන්න තරම් වාසනාවන්ත වුන ඇය තමයි හෙශානි ලියදිපිට.
සුරූපී දඟකාර හැඩකාර යුවතියක් වන ඇය ධරණී කතාවේ රඟදක්වන්නේ අහිංසක සුකුමාල චරිතයක් නොවන වග ටෙලිනාට්‍ය නරඹන ඔබ හොඳින්ම දන්නවා ඇති. කළා කටයුතු කරනම ගමන්ම ඇය අධ්‍යාපනයත් හදාරන ගමන්මයි ඉන්නේ. දැනට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ උපාදි අපේක්ෂිකාවක් වශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
එලෙසින් බොහෝ දෙනෙකුගේ ආදරේ දිනාගත් හේශානි දැන්නම් පුංච් තිරයට නැතිවම බැරි කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. අද වනවිට සමාජ මධ්‍යයේ එහෙමත් ඇය ගැන වැඩියෙන්ම කතාකරන්නේ මේ කතාවේ හේෂානි විසින් රඟපාන විශේෂ වූ චරිතය නිසයි
. සාමාන්‍ය අහිංසක තරුණියකට වඩා එහා ගිය නිර්භීත කෙනෙක් විදියට ඇය මෙහි දකින්න ලැබෙනවා. ඒක නිසාම ඇයගේ සටන් කිරීමේ හැකියාව ගැන අද රසිකයින් අතරේ වැඩිපුරම කතාබහ වෙලා තියෙන්නේ. මෙවැනි චරිතයක් කරන එක සාමාන්‍ය එකකට වඩා තරමක් අපහසුයි. මොකද මේ හැමදෙයක්ම තාත්විකව කරන්න අවශ්ෂ්‍ය නිසා එයට හොඳ පුහුණුවක් ලබාගන්න අවශ්ශ්‍යයි. ඒ නිසාම ෂූටින් එකට දවස් කිහිපයකට කලින් සටන් ජවනිකාවක් තියනවා නම් ඒක දින කිහිපයක් පුහුණුවීම් කරනවා
. ඒවෙනුවෙන් ඇත්තටම සටන් කලාව ඉගනගන්න වෙනවා. මාස්ටර් ඔසඳ බණ්ඩාර විසින් තමයි මේ කතාවේ සටන් පුහුණු කරන්නේ. එක ගැන හේශානි කිව්වේ මෙහෙම කතාවක්, මේ ටෙලිනාට්‍යයේ වැඩිපුරම තියෙන්නේ මාෂල් ආර්ට් වලින්. ඒක නිසා දෙරණ ආයතනය තුලින් අපිට ඒ අවශ්ෂ්‍ය පුහුණුව ලබා දුන්නා. එහෙම පුලුනුවක් නැතිව තාත්විකව රංගනයක යෙදෙන්න බැහැ.
හැම වෙලාවකම චරිතය වෙනුවෙන් කරන්න පුලුවන් හැම කපකිරිමක්ම කරලා උපරිම සාධාරණයක් කරනවා. සැබෑ ජිවිතේ වුනත් මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙන කාන්තාවක් ඕනතරම් අපේ සමාජයේ ඉන්නවා. ඒවගේම කෙටි කාලයක් තුල මාව ජනප්‍රිය කරපු ප්රේක්ෂකයින්ටත් හදවතින්ම ස්තුති වන්ත වෙනවා.