කිව්වේ එකක්..කළේ තව එකක්.. දෙදෙනෙකු අත්අඩංගුවට ගත් හේතුව..

By Sithumi Jun 26, 2023 04:15 PM GMT
Sithumi

Sithumi

Report

ආර්තාපල් ආනයනය කරන මුවාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16යි ග්‍රෑම් 193ක් ජාවාරම් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ආර්තාපල් අනායනය කරන ලද සැකකටයුතු බහාලුමක් පරික්ෂා කර තිබුණා ඒ තුළ සූක්ෂම ලෙස පාර්සල් 12ක සඟවා තිබූ හෙරෝයින් තොගය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වන මෙම බහාලුම ආනයනය කරන ලද ආයතනයේ අධ්‍යක්ෂවරුයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා, බහාලුම නිශ්කාෂණය සඳහා සූදානම්ව සිටි ආයතනයේ හිමිකරු හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා එසේ අත්අඩංගුවට ගස් සැකකරුවන් අවුරුදු 27,37 සහ 50 යන වයස්වල පසුවන කොළඹ 14 හා ගොකරුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නවලදී මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පකිස්තාන ජාතිකයේකුගේ තොරතරුද අනාවරණය වී තිබෙන අතර සැකකරුවන් තිදෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකළා.