ජනවාරි 1 වැනිදා සිට රට පුරා කරන්න යන දේ මෙන්න...

Sri Lanka Western province Southern provincial Three-reel Meter taxi
By Aruna Nov 09, 2021 05:30 AM GMT
Aruna

Aruna

Report

කුලී ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ගත් තීරණය කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය ලබන වසරේ (2022) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම නියෝගය 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් මට්ටමින් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව ජනවාරි 01 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේ කුලී සේවාවල නිරත සියලුම ත්‍රිරෝද මීටර් සවිකිරීම අනිවාර්ය බවත් මීටර් නොමැතිව ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නෛතික පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා.

මේ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ජනවාරි 15 වැනිදාට පෙරත්, දකුණු පළාතේ ත්‍රිරෝද රථ පෙබරවාරි 15 වැනිදාට පෙරත්, වයඹ පළාතේ ත්‍රිරෝද රථ මාර්තු 15 වැනිදාට පෙරත්, මධ්‍යම පළාතේ ත්‍රිරෝද රථ අප්‍රේල් 15 වනදාට පෙරත්, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වල ත්‍රිරෝද රථ මැයි 15 වැනිදාට පෙරත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රිරෝද රථ ජූනි 15 වැනිදාට පෙරත් මීටර් සවිකර ගත යුතුව ඇති අතර එම දිනවලින් පසු මාර්ගයට එක්කරන කුලී ත්‍රිරෝද රථවලට එරෙහිව පොලිසිය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ලේකම්වරයා කීවේය.

මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් මීටර් සවිකර ඇත්තේ ත්‍රිරෝද රථ ලක්ෂ දෙකක පමණක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ටී.ආර්.ආර්. ඊයේ (08 වැනිදා) පැවැසීය.

එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් ත්‍රිරෝද රථ ලක්ෂ හතකට වැඩි සංඛ්‍යාවක් කුලී සේවාවන්වල නිරත බවත් මීටර් සවිකරගනිමින් සාධාරණ ගාස්තුවකට මගීන් ප්‍රවාහනය කළයුතු බවත් හෙතෙම කීවේය.

එෆ්.අස්ලම්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha