ලංකාවේ ඊලග ඇමරිකානූ තානාධිපති මෙන්න

By Mithu Jul 12, 2025 07:21 AM GMT
Report

කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාධිපති ලෙස පත්වීමට නියමිතය. ඔහුව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇත. ඊට පෙර, ඔහු කාම්බෝජයේ නොම් පෙන් හි කොන්සල් ජනරාල්වරයා වූ අතර එහිදී ඔහු වැඩබලන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එරික් මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා ඇත. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වෙත පැවරී ඇති වගකීම් බව සඳහන් වෙයි.

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්