පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූ හිටපු ආරක්ෂක ලේකම් නිදොස් කොට නිදහස් කෙරේ..

Police Pasku attack Hemasiri Fernando
By Aruna Feb 18, 2022 05:41 AM GMT
Aruna

Aruna

Report

පාස්කු ප්‍රහාරය පිළිබඳ නඟා තිබූ සියලු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළා.

ඒ එම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දී.

එහි දී හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඟා තිබූ ප්‍රධාන චෝදනාවක් වූයේ, විස්සයි දහ නවය අප්‍රේල් විස් එක් වැනි දින කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ සංචාරක හෝටල ඉලක්ක කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීම යි.

කෙසේ වෙතත් එම චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු කිරීමට නො හැකි වීම හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බව යි ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රකාශ කළේ.

මෙහිදී හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාටද මෙම චෝදනාව එල්ලවීමෙන් අද ඒ සම්බන්දවද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

මෙම නඩු පසුගිය ජනවාරි 19 සහ 20 යන දිනවල නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී දැනුම් දුන්නේ ඒ පිළිබඳව නියෝග අද ලබාදෙන බවයි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩු ගොනුකර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now