සුළං... තද වැසි...නාය යයි... පරිස්සමින්....
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ සිට.. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් ඒ අනුව කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔම්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-60ක් දක්වා වැඩි විය හැකි ය.
එමෙන්ම, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැකි වේ. කෙසේ වෙතත්,ඒ හේතුවෙන් ධීවරයින් සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව දැනුවත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවූම් ප්‍රදේලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන පේරගොල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක් දින නාය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.
එම මාර්ගයේ තීනියාගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ බෝක්කුවක් සමග කාපට් මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බවත්, එම මාර්ගයේ සැහැල්ලු වාහන හැර බර වාහන ධාවනය (24) දින සිට නතර වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
ගිනිගත්හේනේ සිට පේරගොල්ල හැම්බෑකන්ද, පල්ලේවත්ත යන ප්‍රදේශවලට ලංගම බස් රථ දෙකක් ධාවනය වන බවත්, මාර්ගයේ කොටසක් නාය යෑම නිසා (24) දින සිට එම මාර්ගයේ එම බස් රථ දෙක ධාවනය නොවීමෙන් ප්දේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
