ප්‍රධාන මාර්ගයක දැඩි රථවාහන තදබදයක්.

Police spokesman Sri Lanka
By Hashini Nov 06, 2023 07:14 AM GMT
Hashini

Hashini

Report

 බම්බලපිටිය දුම්රියපළ ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ඒ මගී ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙනි.

මුහුදුබඩ මාර්ගයේ කොටසක් බම්බලපිටිය දුම්රියපොළ ගුවන් පාලම අසලින් අද සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැල්ලවත්ත සිට මුහුදු මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන සඳහා බම්බලපිටිය දුම්රියපොළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය දක්වා ගමන් කල හැකියි.

එසේම වැල්ලවත්ත දක්වා ගමන් කිරීමේදී කොල්ලුපිටිය සිට මුහුදු මාර්ගයේ වැල්ලවත්ත දක්වා ගමන් කරන වාහන සඳහා ග්ලේන් ආබර් පෙදෙසට හැරී ගාලුපාරට පැමිණ , ඩුප්ලිකේෂන් පාර ඔස්සේ ගමන් කළ හැකියි.

ReeCha