අවමංගල්‍යයකට එක්වූ පිරිසකට අකුණු සැර වැදී සිදුවූ දේ.
Thunder
wether
By Sithumi
අවමංගල උත්සවයකට සහභාගීවී සිටි පිරිසකට අද (26) සවස අකුණු සැර වැදී අනතුරක් සිදුවූ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. එම අනතුර සිදුව ඇත්තේ මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේදීය.
මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා පැවසුවේ, එලෙස අකුණු සැර වැදීමෙන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවය
.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.