ඉදිරි පැය 24 මේ පැති වලට අවදානමක් පරිස්සම් වෙන්න

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට තීරණය කර ඇත.

අද (27) පස්වරු 4:00 සිට හෙට (28) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඉන්දුනීසියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:

- ⁠නාගොඩ

- ⁠ඇල්පිටිය

- ⁠බද්දේගම

මහනුවර දිස්ත්‍රික්කය:

- යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:

- කෑගල්ල

- ⁠මාවනැල්ල

- ⁠යටියන්තොට

- ⁠අරණායක

- ⁠දෙහිඹ්විට

- ⁠රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය:

- කලවාන

- ⁠ඇහැළියගොඩ

- ⁠රත්නපුර

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන අනතුරු ඇඟවීමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන අනතුරු ඇඟවීමක්

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය:

- සීතාවක

- ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:

- නෙළුව

- ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

- ඉංගිරිය

- ⁠වලල්ලාවිට

- ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:

- ⁠දෙල්තොට

- ⁠දොළුව

- ⁠උඩුනුවර

- ⁠උඩපලාත

- ⁠පාතදුම්බර

- ⁠පාතහේවාහැට

- ⁠ගග ඉහල කෝරළය

- ⁠පස්බාගෙ කෝරළය

- ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:

- ⁠රුවන්වැල්ල

- ⁠වරකාපොල

- ⁠බුලත්කොහුපිටිය

- ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- රිදීගම

- ⁠අලව්ව

- ⁠නාරම්මල

- ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:

- රත්තොට

- ⁠යටවත්ත

- ⁠උකුවෙල

- ⁠පල්ලෙපොල

- ⁠ලග්ගල

- ⁠නාඋල

- ⁠අඹන්ගඟ කෝරළය

මාතර දිස්ත්‍රික්කය:

- වැලිපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- අඹගමුව

- ⁠හගුරන්කෙත

- ⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය:

- ⁠ඉඹුල්පෙ

- ⁠කිරිඇල්ල

- ⁠කුරුවිට

- ⁠අයගම

- ⁠පැල්මඩුල්ල