අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළට - ඉස්සරහට කන්නවත් බැරි වෙයිද?
ඉංග්‍රීසි මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ඉදිරි උත්සව සමය සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ජාතික පාරිභෝගික පෙරමුණ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.
මෙම භාණ්ඩවල මිල දැනටමත් ඉහළ ගොස් ඇති බවත් සහල්, එළවළු, සීනි, ධාන්‍ය වර්ග සහ අඹ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හඳුනාගෙන උත්සව සමය පුරාම ඒවායේ මිල ස්ථාවරව පවතින බව සහතික කිරීමට රජය පියවර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
උත්සව සමය සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයට කිසිදු සැලැස්මක් නොමැති බව පෙනෙන අතර ඔවුන් වහාම සැලැස්මක් සකස් කළ යුතු බව ඔහු පැවසීය.
මේ අතර, දේශීය වෙළඳපොලේ ඇති කීරි සම්බා සහල් හිඟය පියවා ගැනීම සඳහා පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500 ක් රටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසා තිබේ.
ඒ අනුව, එහි පළමු කාණ්ඩය පසුගිය 23 වන දින මෙරටට පැමිණි බව වාර්තා වේ. ඊට අමතරව, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන ආ බව ශ්‍රී ලංකා රේගුව වාර්තා කළේය.