සියම් මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක මහගම විමල හිමියෝ අපවත් වේ

Report

හැටන් නිග්‍රෝධාරාම විහාරාධිපති ලෙස වැඩ විසූ, සියම් මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති මහගම විමල හිමියෝ අපවත් වී ඇත. උන් වහන්සේ ඊයේ (26 )වන දින අපවත් වූ බව, එම විහාරස්ථානයේ දායක සභාවේ උප සභාපති වසන්ත රෝහණ ද සිල්වා විසින් ප්‍රකාශ කර ඇත.

කලක පටන් රෝගාතුරව සිටි උන් වහන්සේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූ අතර, අපවත් වන විට උන් වහන්සේගේ 75 වන වියේ පසු වී ඇත.

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය දැරූ උන් වහන්සේ, වසර 50 කට ආසන්න කාලයක් පුරා (1975 ජූනි මාසයේ සිට) හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

උන් වහන්සේගේ ශාසනික සේවාව අගයමින්, 2001 වසරේදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය විසින් උන් වහන්සේට සංඝ නායක ධූරය පිරිනමා ඇත. උන් වහන්සේ 1950 මැයි මස 5 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන් කෝරළයේ උපත ලබා ඇති අතර, කුඩා කළ සිටම ශාසනයට ඇලුම් කරමින් පැවිදි දිවියට පිවිස තිබේ.

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

අපවත් වීමට ප්‍රථම ශාසනයටත්, ප්‍රදේශයේ ජනතාවටත් උන් වහන්සේ කළ සේවාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇත. උන් වහන්සේගේ අවසන් කටයුතු අනිද්දා (29) හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයෙදී සිදු කිරීමට නියමිත බව ආදාහන කමිටුව සඳහන් කරයි. 

Gallery