හරක් හොරකමේ ගිය පී.සී දැලේ

Report

අලුයමේ හරක් හොරකමේ ගිය පුද්ගලයෙකු මන්නාරම ‍පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙනන තිබේ. ඒ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේදීය.

මුරුන්කන් පොලිස් වසමේ නානට්ටාන් ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු ගවියක් සොරකම් කර ත්‍රිරෝද රථයකට ගෙන යාමට උත්සහ කළ අවස්ථාවක්, ප්‍රදේශවාසින් දැක කෑගසා පවසීමෙන් ඔවුන් පලාගොස් ඇත.

ප්‍රදේශවාසීන් යතුරුපැදි මගින් ත්‍රිරෝද රථය පසුපස හඹාගොස්, මන්නාරම පොලිස් වසමේ ජපන් මිත්‍රත්ව පාලම අසල මාර්ග බාධකයේදී එය නවතා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළහ. මේ අනුව ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර, ඔහු පොලිස් නිළධාරියකු බව අනාවරණ වී ඇත.

ප්‍රශ්න කිරීම්වලදී ගවයා සොරකම් කිරීමට සම්බන්ධ අනෙක් දෙදෙනා වන්කාලවයි හන්දිය අසලදී රථයෙන් බැස පලාගොස් ඇති බව හෙළිවිය.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

පසුව විමර්ශනවලට අනුව එම පුද්ගලයන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තවත් සැකකරු තවමත් පලාහැරී තිබෙනවා. මන්නාරම මූලස්ථාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා ප්‍රධාන සැකකරු බවය.

ඔහු පේසාලෙයි පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නමින්, අදාළ නිළධාරියා 23 වැනි දින නිවාඩු ලබා රැකියාවට නොපැමිණ අසනීප නිවාඩුවක් ලබා සිටියදී මෙම සොරකම සිදු කර ඇති බව ද පරීක්ෂකවරයා සඳහන් කළේය.

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

සැකකරුවන් දෙදෙනාම මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට යවා ඇත.