පැලවත්තේ වලං හෝදපු කෙනෙක් අපරාධ විමර්ශන අංශයේ ලොක්කෙක් කරලා - සාගර කාරියවසම්ගෙන් විශේෂ හෙළිදරව්වක්
පවතින ආණ්ඩුවේ ක්‍රියා කලාපය මේ වන විට විපක්ෂයේ බොහෝ දෙනා තරයේ විවේචනය කිරීමට පටන්ගෙනන තිබේ. ඔහු සඳහන් කරන්නේනේ ආණ්ඩුව තමන්ට ඕනි ඕනි පුද්ගලයන් විවිධ දෙපාර්තමේන්තුවල ප්‍රධාන තනතුරුවලට පත් කර ආණ්ඩුවට අවශ්‍ය දේ කරන්න පටන් අරගෙන කියලයි.
එම නිසා මෙම ආණ්ඩුවේ ගමන එතරම් සාර්ථක ගමනක් නොවන බවද බහුතරයක් දෙනා අදහස් දක්වයි.
ඒ අතර සාගරකාරියවසම් මහතා මෙහිදී විශේෂ කරුණු කීපයක් ආණ්ඩුව සම්බන්ධයෙන් හෙළි කරා.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කළේ පහත ආකාරය අදහස් කීපයකි.
"මේ රටේ පොලිසිය මෙතරම් පහත් තත්ත්වයකට ඇද දමපු කාලයක් අපි කවදාවත් ඉතිහාසයේ දැක්කේ නෑ.නීතිය ආරක්ෂා කරන ආයතන හැටියට මේ රටේ තියෙන්නේ අපි දන්නවා අධිකරණය තියෙනවා පොලිසිය තියෙනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තියෙනවා තියෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තියෙනවා. මේ ආයතන විසින් තමයි රටේ නීතියේ ආධිපත්‍ය සුරකින්නේ තමන්ට අවශ්‍ය පුද්ගලයක පොලිස්පති හැටියට පත් කරලා පොලිස්පතිවරයා ඉතාම සෘජුවම පක්ෂ දේශපාලනයට සම්බන්ධ වෙන තත්ත්වයක් අද රටේ පේන්න තියෙනවා ඒ වගේම අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා හැටියට පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරියෙක්,ඒ විතරක් නෙමෙයි පැලවත්ත පක්ෂ කාර්යාලයේ සේවය කරපු නිලධාරියෙක් ඔහුගේ වචන වලින් කියනවා නම් වලං හෝදපු නිලධාරියෙක් අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා හැටියට පත් කරලා ඔහු ලවා තමන්ට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම පොලිසිය භාර ලේකම්වරයා හැටියට අපි දකිනවා ඒත් විශ්‍රාමික පැලවත්ත පක්ෂ කාර්යාලයේ සේවය කරපු නිලධාරියෙක් විශ්‍රාමික නිලධාරියෙක්ව පොලිසිය භාර ලේකම්වරයා හැටියට පත් කරලා තියෙනවා මේවැනි තත්ත්වයන් මේ රටේ මීට කලින් කිසිම දවසක වුණේ නෑ."
යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කරමින් ආණ්ඩුව ජනතාවට හිතවාදී නොව ඔවුන්ට හිතවාදී ක්‍රියා කලාපයක් අනුගමනය කරන බව සඳහන් කළේය.