මොන්තා සුළි කුණාටුව හේතුවෙන් ධීවර ප්‍රජාවට අති විශේෂ නිවේදනයක්

Report

පවතින කාලගුණික තත්ත්වයත් සමග දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මොන්තා" සුළි කුණාටුව අද උදෑසන මුලතිව් සිට කිලෝමීටර 600ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට උදෑසන 5.30 වන විට චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

අනතුරව හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සුළිකුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නෑ නියෝජ්‍ය ඇමැති සරත් කියයි

ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නෑ නියෝජ්‍ය ඇමැති සරත් කියයි