මුළු දිවයිනටම වලංගු වන පරිදි - ජනතාවට විශේෂ නිවේදනයක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (09) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.