පාර්ලිමේන්තුව අද රැස්වෙයි - මෙන්න විස්තරේ

Report

පාර්ලිමේන්තුව අද (09) පෙ.ව 9.30ට රැස්වීමට නියමිත අතර පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්

පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - මෙන්න විස්තරේ | Sri Lanka Parliament Meets Today At 9 30 Am