දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අවදානම—කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Report

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක් පමණ වන තරමක තද වැසි අපේක්ෂා කෙරේ.

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට අමතරව ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් තත්ත්වයන් ද පවතින හැකියාවක් ඇත.

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් ලබා දී ඇත.