මැයි මස 11 වනවිට ලංකාවටම අවදානමක් - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 'ඇම්බර්' නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවයි.
අද (09) දහවල් නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (10) පෙ.ව. 8.30 දක්වා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව අවට අඩු මට්ටමේ වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් පවතින කාලගුණික තත්ත්වය ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද වැසි, තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම මෙරට ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.