ධාරානිපාත වර්ෂාවෙන් ඇඹිලිපිටියේ ප්‍රදේශ රැසකට හානි

By Dilasha Mar 27, 2025 02:47 PM GMT
Dilasha

Dilasha

Report

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයට අද (27) පස්වරුවේ ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පස්කඳු කඩාවැටීම් සිදුව ඇති බව වාර්තා වේ.

පනාමුර පොලිස් වසමේ කැම්පනේ, ඕමල්පේ, ගොඩවෙල, දාපනේ දොරපනේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

ඇඳහැළුණු වර්ෂාවත් සමඟ පස්කදු කඩාවැටී ඇඹිලිපිටිය - දොරපනේ මාර්ගයේ ගොඩවෙල හා කැම්පනේ ප්‍රදේශවල මාර්ගය දෙපස පස්කඳු හා ගස් කඩාවැටී මාර්ගය අවහිර වී ඇති අතර දොරපනේ සිට ඌරුබොක්ක දක්වා යන මාර්ගයේ ද ගොඩවෙලකන්ද සහ කැම්පනේ ප්‍රදේශවලින්ද අවහිර වී ඇත.

පාරවල් අවහිර වීම හේතුවෙන් ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් උපදෙස් ලබාදී ඇත. 


බදු ගෙවන්න ආස හිතෙන මැෂිමක් ගේනවා.. බදු එකතු වුනාම සහන ගොඩක් දෙන්න පුළුවන්ලු!

බදු ගෙවන්න ආස හිතෙන මැෂිමක් ගේනවා.. බදු එකතු වුනාම සහන ගොඩක් දෙන්න පුළුවන්ලු!

ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය..ඔබ දැනගත යුතුම දෙයක්..

ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය..ඔබ දැනගත යුතුම දෙයක්..


ReeCha