ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය..ඔබ දැනගත යුතුම දෙයක්..

Sri Lanka Gossip Lanka
By Zara Mar 27, 2025 02:30 PM GMT
Zara

Zara

Report

මිනිස් සිරුරෙන් දහඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයකි.

මිනිස් සිරුර සිසිල් කරමින් ශාරීරික උෂ්ණත්වය නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා එය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට දහඩිය දමන්නේ එම හේතුව නිසයි.

නමුත් දහඩිය දැමීම සඳහා හේතුවෙන එකම සාධකය උෂ්ණත්වය පමණක්ම නොවේ.

එසේම ව්‍යයාමවලින් පසුව වගේම අපි කලබලයට පත්වූ විට ඇතිවෙන චිත්තවේගවල බලපෑම නිසාද දහඩිය ග්‍රන්ථි විසින් දහඩිය පිට කරනවා.

නමුත් මේ ස්වභාවික හේතු නිසා නොවී අසාමාන්‍ය ලෙස දහඩිය පිටවෙනවානම්, එය පිටුපස නිදන්ගත රෝගයක් තිබෙන්නට පුළුවනි.

එබඳු රෝග කිහිපයක් පහත දැක්වේ.

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

මැතිවරණයට එරෙහිව තොණ්ඩමන් අධිකරණයට!

මැතිවරණයට එරෙහිව තොණ්ඩමන් අධිකරණයට!

ඖෂධ

විශාද නාශක ඖෂධ හේතුවෙන් ආතති හෝමෝන මට්ටම ඉහළ යනවා. එම නිසා එහි අතුරැ ප්‍රතිපලයක් ලෙස අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ඊට අමතරව රුධිර පීඩනය විදිමත් කිරීම සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාගන්නා ඖෂධ නිසා ද අධික ලෙස දහඩිය දැමීමේ හැකියාවක් තිබෙනවා.

පුරුෂ හොමෝන අඩුවීම

අඩු ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටමක් ඇති පිරිමින්ට රාත්‍රී කාලයේදී වැඩිපුර දහඩිය දැමීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ටෙස්ටෙස්ටරෝන් මට්ටම අඩුවූ විට, ශරීරය ඕනෑවටත් වඩා රත්වී ඇති බව පවසන ව්‍යාජ සංඥා හයිපෝතැලමසට ලැබෙනවා. පසුව ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශරීරය විසින් දහඩිය පිට කරනවා.

සීනි අඩුවීම

රුධිර සීනි මට්ටම අඩුවීමේ ලක්ෂණයක් ලෙසද අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ආහාර වේල් මගහරින විට, රැධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩුවෙනවා. එවිට ශරීරය විසින් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඇඩ්රිනලින් හෝමෝනය නිදහස් කරන අතර එම නිසා වැඩිපුර දහඩිය දැමීමක් සිදුවෙනවා.

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක බවුසර් රථ අනතුර

දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක බවුසර් රථ අනතුර

ReeCha