ඉන්ධන එක් රැස් කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අඛණ්ඩව

Report

නීති විරෝධී ලෙස ඉන්ධන එක් රැස් කරගෙන සිටින පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ඊයේ(19) දිනයේ සිදුකළ වැටලීම් කිහිපයකින් සැකකරුවන් මෙන්ම ඉන්ධන රැසක්ද පොලිස් භාරයට ගැනීමට හැකි වුණා.

නීති විරෝධී ලෙස ප්‍රෙටල් ලීටර් 604 ක් ලග තබාගෙන සිටි ව්‍යාපාරිකයෙකු පොළොන්නරුව මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩගුවට ගෙන තිබෙනවා.

සිල්ලර වෙළදසැලක හිමිකරුවකු වන මොහු මෙලෙස පෙට්‍රල් රැස් කරගෙන ඇත්තේ පෙට්‍රල් හිග අවස්ථාවලදී වැඩිමිලට අලෙවි කිරීමට බවයි හෙලිව ඇත්තේ.

දකුණු කොරියාවේ කම්හල ගින්නක් - 35 කට බරපතලයි

දකුණු කොරියාවේ කම්හල ගින්නක් - 35 කට බරපතලයි

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මීගස්වැව පොලීසිය පවසන්නේ. මේ අතර හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ නිවසක තිබූ ඩීසල් ලීටර් 500 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ පෙට්‍රල් ලීටර් 20 කට ආසන්න ප්‍රමාණයක් ද සමගයි. මේ සම්බන්ධයෙන් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පෙට්‍රල් ලීටර් 110 ක් ඩීසල් ලීටර් 18 ක් සහ භූමිතෙල් ලීටර් 30 ක් සමග සැකකරුවන් දෙදනෙකු බණ්ඩාරවෙල බෝගහ කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය සහ බෝගහ කුඹුර පොලීසයයි වැටලීම සිදු කළේ.

මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි