ත්රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මියගිහින් , ගිනි තියාගන්නට ඇති බවට සැකයක්
ත්රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මිය ගොස් තිබෙන බව පොලිසිය සදහන් කර ඇත .
එම රියදුරු මහරගම පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි .
මෙම පුද්ගලයාට අයත් නිවසක කුලී පදනම මත වෙනත් යුවළකට ලබා දී ඇති බවත් එම නිවසේ පිරිස සමග ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයටම පොලිසියට පැමිණෙන ලෙසට දන්වා ඇත.
බිරිඳ විසින් පොලිසියට සදහන් කර ඇත්තේ නිවස හිමි පුද්ගලයා ඒ සම්බන්ධයෙන් පසුතැවෙමින් බියවී කල් ගත කළ බවයි.
පොලිසිය සැකකරනු ලබන්නේ පොලිස් පැමිණිල්ලක් විභාග කිරීමට කළ කැදවීමකට බිය වී ඔහු සිරුරට ගිනි තබා ගන්නට ඇති බවයි .