මනූෂ නානායක්කාරට එරෙහි නඩුවට අල්ලස් කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සිදුකළ විමර්ශන අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ විමර්ශන කටයුතු සම්පූර්ණ කර, එම ගොනු ඉදිරි පියවර සඳහා කොමිසමේ කොමසාරිස්වරු වෙත යොමු කර ඇති බවයි.

ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ඒ අනුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව අගෝස්තු 28 දිනට කල් තබා, එදින විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස කොමිසමට නියෝග කළේය.

2023 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් පුහුණු වැඩසටහන් පෞද්ගලික සමාගමකට පැවරීමෙන් රජයට පාඩුවක් සිදුකර දූෂණයක් සිදු කළ බවට චෝදනා කරමින් අදාළ පැමිණිල්ල ගොනු කර තිබේ. 

ඉන්ධන මිල වැඩි වෙ‍යිද ජනපතිගෙන් හෙළිදරව්වක්

ඉන්ධන මිල වැඩි වෙ‍යිද ජනපතිගෙන් හෙළිදරව්වක්