මැදි වයසේ පුද්ගලයින්ට දැඩි අවධානමක්..

Sri Lanka Heart Attack
By Sewvandhi Aug 20, 2023 01:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ, අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි.

2021 වසරේ සිට ක්‍රමානුකූලව මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් ද වාර්තා වන බව වෛද්‍යවරුන් පවසති. ඇතැම් රෝහල්වලට මාසිකව හෘදයාබාධ වැළඳුණු රෝගීන් 10ත් 15ත් අතර පිරිසක් පැමිණෙන බව සඳහන්ය.ඔවුන්ගෙන් සියයට 90ක් පමණ පිරිමි පුද්ගලයින් වීම ද විශේෂත්වයකි.

වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ, ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිවීම, ව්‍යායාම නොකිරීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය වැනි හේතූන් හෘදයාබාධ වැළඳීමට හේතුවන බවයි.

කෙසේවෙතත් හෘදයාබාධ වැළඳෙන රෝගීන් ඉහළ යාමට නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

ReeCha