නිවෙස්වල නිරෝධායනය වන්නන්ට සෞඛ්‍ය අංශයන් ගෙන් විශේෂ දැනුම් දීමක්.
කොරෝනා වෛරසය ආසාදනය වී නිවෙස් තුල ප්‍රතිකාර ගන්නා රෝගීන් විවේකීව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළා.
එමෙන්ම, හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතිනවා නම් පමණක්, රෝහල් ගතවන ලෙසටයි ඔහු රෝගීන්ගෙන් ඉල්ලා සිටියේ.
කොරෝනා ආසාදිතයන් නිවෙස් තුල තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකයි.
නිවෙස් වල රැදී සිටින ආසාදිතයන් විවේකීව කටයුතු කිරීම මෙන්ම හොඳ වාතාශ්‍රයක් ලබා ගැනීම ද රෝගය කඩිනමින් පාලනය කර ගැනීමට අතිශය වැදගත් වනවා.
ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත් කොරෝනා ආසාදිතයන් සම්පූර්ණයෙන්ම කඩිනම් සුවය ලබා ගෙන ඇති බවයි.
කොරෝනා ආසාදිතයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ඔහු හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට ඉල්ලීමක් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
