පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

Report

පොලිස් සේව‍යට වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර 2026 අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඔහු මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

මෙහිදී පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා විසින් දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඔවුනට අවශ්‍ය පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම එහිදී විවිධ අකටයුතුකම් හා සම්බන්ධ බවට වාර්තා වන පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ සිදු නොවන බවට චෝදනා එල්ල වන පොලිස් ස්ථාන පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

එනිසා ඒවා සම්බන්ධ විශේෂ අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා මෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු, නීති විරෝධි ධීවර ආම්පන්න භාවිතය, නීති විරෝධි ක්‍රියා පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දෙන්නන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමේ අවශ්‍යතාව ආදි කරුණු පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ