ගිනිකඳ පුපුරා යයි - ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආරක්ෂක අංශවලට අනතුරු ඇඟවීම

Report

ඉන්දුනීසියාවේ වඩාත් ක්‍රියාකාරී ගිනිකඳක් ලෙස සැලකෙන ලෙවෝටෝබි ගිනිකඳ ඊයේ (01) රාත්‍රී 8:48ට පමණ (එරට වේලාවෙන්) පුපුරා ගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්විත මෙම ගිනිකඳේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී ඇත. ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව, මෙම පිපිරීමත් සමඟ ගිනිකඳෙන් පිටවූ අළු දුමාරය කිලෝමීටර් 10ක උසකට අහස් කුසට විසිරී ගොස් ඇත.

මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට හිජාබය තහනම් - රජයේ තීරණවලට රිෂාඩ් දැඩි විරෝධය

මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට හිජාබය තහනම් - රජයේ තීරණවලට රිෂාඩ් දැඩි විරෝධය

මේ අතර, මෙම කාලය තුළ අධික වර්ෂාවක් ඇතිවුවහොත් ගිනිකඳෙන් පිටවූ ලාවා නායයෑමකට ලක්වීමේ අවදානමක් පවතින බැවින්, ගිනිකඳ ආවාටයට කිලෝමීටර් 6-7ක වටපිටාවේ පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු උපදෙස් දී ඇත.

ලෙවෝටෝබි ගිනිකඳ මෑතකදී කිහිප වතාවක්ම පිපිරී ඇති අතර, ඉකුත් ජූලි මාසයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් බාලි දූපත වෙත ගමන්ගත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට සිදුවිය.

ගත්ත ලොතරැයියට මෙන්න වටිනා තෑගි රැසක් - කෝටි 47 ඇතුළු ලක්ෂ ගණනින් ත්‍යාග දිනාගන්න

ගත්ත ලොතරැයියට මෙන්න වටිනා තෑගි රැසක් - කෝටි 47 ඇතුළු ලක්ෂ ගණනින් ත්‍යාග දිනාගන්න

පැසිෆික් “ගිනි වළල්ල” (Pacific Ring of Fire) මත පිහිටි, විශාල දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව, භූකම්පන හා ගිනිකඳු පිපිරීම්වලට නිතර මුහුණදීමට සිදුවන රටකි. මෙම භූ විද්‍යාත්මක පිහිටීම හේතුවෙන් එරට ජනතාවට නිරන්තරයෙන් මෙවැනි ස්වභාවික ආපදාවලට මුහුණදීමට සිදුව ඇත. 

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි