හදවත කම්පන කරවන අනතුරක් - කැකිරාවේ පාසැල් දැරියක් හදිසියේ මියයයි

Death School Incident Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 02, 2025 04:50 AM GMT
Shehan

Shehan

Report

කැකිරාව නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 6 වැනි වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවියක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

කැකිරාව පොලිසිය පවසන පරිදි, එම සිසුවිය පාසල් නිමවීමෙන් පසු නිවසට යාම සඳහා පාසල් සේවා බස් රථය එනතුරු මාර්ගය අසල රැඳී සිටියදී හදිසියේ සිහිසුන්ව ඇද වැටී ඇත.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

එම අවස්ථාවේදී, පාසල් සේවා බස් රථයේ රියදුරු ඇතුළු පිරිසක් විසින් ඇයව කඩිනමින් කැකිරාව දිසා රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත. එහෙත්, බරපතළ තත්ත්වයේ පසුවූ එම සිසුවිය රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගිය සිසුවිය සීගිරිය, තල්කොටේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඇය ඉකුත් වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසු, මීට මාස එකහමාරකට පමණ පෙර මෙම ජනප්‍රිය පාසලට ඇතුළත්ව ඉගෙනුම ලබමින් සිටියාය.

මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට හිජාබය තහනම් - රජයේ තීරණවලට රිෂාඩ් දැඩි විරෝධය

මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට හිජාබය තහනම් - රජයේ තීරණවලට රිෂාඩ් දැඩි විරෝධය

එම සිසුවියගේ හදිසි මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ඇගේ මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව පොලිස් බලධාරීහු පවසති. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවද ඔවුහු සඳහන් කළහ.

ගත්ත ලොතරැයියට මෙන්න වටිනා තෑගි රැසක් - කෝටි 47 ඇතුළු ලක්ෂ ගණනින් ත්‍යාග දිනාගන්න

ගත්ත ලොතරැයියට මෙන්න වටිනා තෑගි රැසක් - කෝටි 47 ඇතුළු ලක්ෂ ගණනින් ත්‍යාග දිනාගන්න

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

ReeCha