අද උදේ 6.30 ඉදලා දිවයිනේ වෙන්නේ මොකක්ද දන්නව ද?. ගත්ත තීරණයක් මෙන්න..

Report

අද (01) දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

අද උදේ 6.30 ඉදලා දිවයිනේ වෙන්නේ මොකක්ද දන්නව ද?. ගත්ත තීරණයක් මෙන්න.. | Health Unions Are In Industrial Action Today

එයට සාධනීය ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් හෙට (02) දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව එම වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

මීට පෙර අවස්ථා කිහිපයක දී  දීමනා ඉහළ නැංවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති දිවයින පුරා වැඩවර්ජන ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ය.

කෙසේ වෙතත්, එහි තවත් පියවරක් ලෙස රත්නපුර, මහනුවර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක අද පෙරවරු 6.30 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.