එකවරම අධික හිසරදයක් ඇති වෙනවද ? එහෙනම් ඔබටත් මේ දරුණු රෝගය විය හැකියි
මොළයේ ගෙඩි කියන්නේ මේ වෙනකොට බොහෝ දෙනාට ඇති වෙලා තියෙන සහ ඇති වෙන්න පුළුවන් දෙයක්.මොළයේ කිසියම් තැනක ඉතා කුඩා තිතක් මෙන් හටගන්නා ගැටිත්තක් පසුව ගෙඩියක් ලෙස ටිකෙන් ටික විශාල ගෙඩියක් බවට පත්වෙනවා.ඒ අනුව රෝග තත්ත්වයද බරපතල තත්ත්වයට පත්වන අතර රෝග ලක්ෂණද පෙන්නුම් කිරීමට පටන් ගන්නවා.ඉතින් එතකොට තමයි අපි දන්නේ අපිට මොකක් හරි අසනීපයක් තියෙනවා කියලා.
රෝග ලක්ෂණ
- හිසරදය එක්වරම හටගන්නා මෙහි කැක්කුම් ඇතිවන ස්වභාව වරින්වර වෙනස් වන නමුදු ක්‍රමයෙන් ඉහළ යයි.
- හේතු රහිත වමනය යාම සහ ඔක්කාරය.
- ඇසේ අපහසුතා සහ පෙනීමේ දුර්වලතා
- අතපය නොමැති ලෙස දැනීම සහ අක්‍රිය වීම
- කන් ඇසීමේ අපහසුතා
- ඔලුව හිරිවැටීම
- සමබරතාව නැතිව වැටෙන්නට යාම
- කතා කිරීමේ අපහසුතා
- ගතිපැවතුම් හැසිරිම් වෙනස් වීම
- හදිසි අපස්මාරය
- මතකය හෝ සිතන ආකාරය වෙනස් වීම
රෝගය වළක්වන ආහාර
- විටමින් ඩී සහිත ආහාර
- මාළු සහ මුහුදු ආහාර නිතර කෑමට ගැනිම
- නැවුම් එළවළු, පලතුරු කෑමට ගන්න
- විටමින් ඊ පොහොසත් ආහාර
- ලුණු දැමූ එළවළු සහ මාළු වලින් ඈත් වෙන්න
- සැකසූ මස් වලින් ඈත් වෙන්න
මොළයේ ගෙඩියක් ඇති වුණොත්
ස්නායු ශිර්ෂකය ප‍්‍රදේශයේ ගෙඩියක් ඇති වුණොත් ඇස, කන, දිව, බෙල්ල, මුහුණ ආදී කොටස්වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යනවා.එවිට කට පැත්තකට ඇද වී හෝ විරූපී ස්වභාවයක් ඇති කරන්නත් බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. මතකය අඩුවෙයි.ඒ වගේම කෙනෙක් සමග දක්වන සන්නිවේදන සබඳතාව අඩාල වීම සහ ගොත ගැසීම ඇති වෙනවා.
විශේෂයෙන්ම මොළයේ හටගන්නා ගෙඩිවලට ප‍්‍රතිකාර කිරීමේදී එම ගෙඩියේ ස්වරූපය වෛද්‍යවරැන් විසින් නිවැරැදිව හඳුනාගැනීම අත්‍යවශ්‍යයයි. ඒකට හේතුව තමයි සමහරවිට මේ ඇති වෙලා තියෙන ගෙඩිය පිළිකාවක් වෙන්න ඉඩ තියෙනවා.ඒ වගේම සිරුරේ වෙනත් ස්ථානයක ඇති පිළිකාවක ප‍්‍රතිඵලයක් විදිහට මොළයේ ගෙඩිහට ගැනීමටද ඉඩ තියෙනවා.උදාහරණයක් විදිහට පෙනහළු පිළිකා, වකුගඩු පිළිකා නිසා ඒවා මොළයට කරන බලපෑමෙන් ගෙඩි ඇතිවෙන්න පුළුවන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |