මහ මඟ වැටුණ මනුස්සකම අයිතිකරුටම භාරදුන් අරුම පුදුම සිදුවීම මෙන්න.

Hatton Hatton city Hatton urban councillor
By Aruna Oct 28, 2021 06:36 AM GMT
Aruna

Aruna

Report

හැටන් නගරයේ අතුරු මාර්ගයක පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී, හැටන් - දික්ඔය නගර සභාවේ කම්කරුවෙකු විසින් අහුලාගත් රුපියල් 52,000ක මුදල් සහිත පාර්සලයක් යළි එහි අයිතිකරු වෙත ලබාදීමට එම පුද්ගලයා ඊයේ (27) දින කටයුතු කර තිබෙනවා.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ආර්.ජේ.සෙල්වම් නමැති 43 හැවිරිදි මෙම පුද්ගලයා, ඊයේ උදෑසන නගරය පිරිසිදු කිරිමේ කටයුත්තේ නියැලි සිටින අතරතුරදියි, අදාළ මුදල් සහිත පාර්සලය හමුවී ඇත්තේ.

ඔහු මුදල් පාර්සලය හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වෙත ගෙන ගොස් භාරදීමට පියවර ගෙන තිබෙනවා.

දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන එම කම්කරුවා සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, මේ දිනවල සෑම අයෙකුම විශාල ආර්ථික අපහසුතා මැද ජිවත්වන හෙයින්, මෙම මුදල් සහිත පාර්සලය නියම අයිතිකරු සොයා ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මුදල් සහිත පාර්සලය අස්ථානගත වී ඇති බව දැනගත්, හැටන් ආරියපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් සිය අස්ථානගත වූ මුදල් සහිත පාර්සලය සොයා යළි නගරයට පිවිස , මාර්ගය දිගේ එය සොයමින් පැමිණෙන අවස්ථාවේදී, නගර සභාවේ තවත් කම්කරුවෙකු එය දැක, ඇයගෙන් කරුණු විමසා, එම මුදල් සහිත පාර්සලය නගර සභාවේ සභාපතිවරයාට භාර දී ඇති බවට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව එම කාන්තාව නගර සභාවට පැමිණ මුදල් සහිත පාර්සලය සොයා භාරදුන් සේවකයාට සහ නගර සභාවේ සභාපතිවරයාට ද සිය ස්තුතිය පුද කර, මුදල් සහිත පාර්සලය භාරගෙන තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.