ඉතාලියෙන් අමුතුම විදිහකට ගුවනින් ආ හෂීස් - වටිනාකම මිලියන ගාණක්.. හිමිකරුවන් කවුරුන් විය හැකි ද?. (VIDEO / UPDATE)
ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙන් වන ලද හෂීස් මත්ද්‍රව්‍ය රේගු අත්අඩංගුවට පත් විය.
ඒ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් ය.
අද (03) එය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
ඉතා සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සගවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත හසු විය.
ඒ ලද තොරතුරක් මත වන අතර මෙම මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වේ.
අදාළ ඇසුරුම් ඉතා සූක්ෂ්ම ලෙස සීල් තබා ආනයනය කිරීම සිදු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එමෙන්ම අදාළ වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ට ද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේ ය.
මෙම පාර්සල්වල හිමිකරුවන් අනාවරණය කර ගැනීමට අපහසු වී ඇත්තේ ඒවා දොරින් දොර බෙදා හැරීමේ පාර්සල් (Door to Door delivery) ලෙස ආනයනය කර ඇති බැවින් ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා එහි දී රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.











