හර්ෂන බෙත්මගේ අලුත් බිරිඳ සමග පළමු වෙනි විවාහ සංවත්සරේ ජයටම සමරපු හැටි

sri lank Harshana bethmage volga kalpani harshana volga goasip
By Sithumi Nov 29, 2021 06:22 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය කාලයේ බොහෝදෙනා අතර කතා බහට ලක්වුණු එමෙන්ම පුංචි තිරය තුලින් විවිධ කලා නිර්මාණයන් හරහා ප්රේක්ෂකයින් අතරට එන අපේ රටේ කවුරුත් ආදරය කරන තාරුණ්යය නියෝජනය කරන ඉතා ජනප්රිය කඩවසම් රංගන ශිල්පියෙක් ගැන තමයි මේ කතා කරන්නේ.ඔහු හර්ෂණ බෙත්මගේ. ඉතින් හර්ෂණ පහුගිය කාලේ ප්රශ්න ගොඩකට පස්සේ අරුණි නදීෂානි සමඟින් යුග දිවියට ගිය බව කවුරුත් දන්නවනේ..

ඉතින් මේ ආදරණීය යුවලගේ පළමු විවාහ සංවත්සරය පසුගිය දිනකට යෙදිලා තියනවා. මුලින් රංගන ශිල්පිනී වොල්ගා කල්පනී සමඟ තිබූ විවාහය ඔහු දික්කසාදයකින් කෙළවර කරනවා නමුත් ඉතින් දැන් සුන්දර බිරිඳ අරුණි නදීෂානිත් එක්ක සාර්ථක යුග ජීවිතයක් හර්ෂණ ගත කරනවා. කොහොම නමුත් ඔවුන්ගේ පළමු වවාහ සංවත්සරය වෙනුවෙන් මේ ආදරණීය යුවල ලස්සන කේක් එකක් කපලා මේ අවස්ථාව බොහොම ආදරණීය විදිහට සමරලා තියනවා කියලා අපිට දැකගන්න ලැබුණා. 

ඉතින් ඒ වගේම මේ ආදරණීය දවස වෙනුවෙන් ජනප්රිය නළු හර්ෂණ බෙත්මගේ ඔහුගේ සමාජ මාධ්ය ගිණුම් වල සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ, ” ඔබ මගේ ජීවිතයයි, සුභ සංවත්සරයක් වේවා මගේ ආදරණීය බිරිඳ, ඔබව මට ලැබීමට මම ගොඩක් වාසනාවන්තයි .” කියලයි. කොහොම නමුත් මේ ආදරණීය යුවල පළමු විවාහ සංවත්සරය ප්රේමනීයව සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.