කවර ආණ්ඩුවක් බලයට පත්වූවත් මුදල් ඇමතිකම දෙන්න ඕනේ හර්ෂට – රනිල්ගෙන් දැඩි තීරණයක්..!
Ranil Wickremesinghe
Sri Lanka
Ministry of Finance Sri Lanka
Financial crisis
Harsha de Silva
By Sithumi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කවර ආණ්ඩුවක් බලයට පත්වූවද මුදල් අමාත්‍යධූරය සඳහා හර්ෂද සිල්වා පත් විය යුතු බවට ඔහු දැඩි තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වනවා.
ඔහු අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියදීද මුදල් අමාත්‍යධූරය භාරගන්නා ලෙස අවස්ථා කිහිපයකදී හර්ෂ ද සිල්වාගෙන් ඉල්ලීම් කලද ගෝඨාභය රාජපක්ෂ යටතේ තනතුරු භාර නොගන්නා බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය යහපාලන සමයේ රනිල් වික්‍රමසිංහ යටතේ පැවති අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වූ හර්ෂට එවකට අගමැති රනිල් විසින් පැවරූ “සුවසැරිය” ගිලන් රථ සේවා ව්‍යාපෘතිය ඉතා සාර්ථක විය. ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන හර්ෂ ද සිල්වා සමඟි ජනබලවේගයේ ආර්ථික කළමනාකරණ කමිටුවේ ප්‍රධානියාද වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |