උගන්ඩාවෙන් ඩොලර් ගේන්න ගිහින් භාණ්ඩාගාරයේ ඩොලර් ටිකත් නැති කරගෙන - ගයන්තගෙන් ආණ්ඩුවට මරු පහරක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ, “ඩොලර් ගෙන එනවා” යැයි කියමින් බලයට පැමිණි ආණ්ඩුවට අද මහා භාණ්ඩාගාරයේ තිබෙන ඩොලර් පවා ආරක්ෂා කරගැනීමට නොහැකි වී ඇති බවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක වංචාව “අතපසු වීමක්” ලෙස ආණ්ඩුවේ නායකයන් හඳුන්වා දීම වගකීම් සහගත ආණ්ඩුවකට නොගැළපෙන ප්‍රකාශයක් බවයි.
“උගන්ඩාවේ ඩොලර් ගෙන එනවා කියලා බලයට ආපු L බෝඩ් ආණ්ඩුවට, අද මහා භාණ්ඩාගාරයේ ඩොලර් ටිකවත් බේරගන්න බැරි වෙලා.. මාළු අල්ලන්නෙත් ඇප් එකෙන් කියපු අයට අද රටේ භාණ්ඩාගාරයවත් රැකගන්න බැරි වෙලා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය”
යනුවෙන් ඔහු චෝදනා කළේය.
ඇවිදින පුස්තකාල සහ තාක්ෂණික දැනුම ගැන විශාල ප්‍රකාශ කරමින් බලයට පැමිණි පිරිසකට රටේ මුදල් පද්ධතිය ආරක්ෂා කරගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවද ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
එමෙන්ම, ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන්ද ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් ඔහු පැවසුවේ, “කන්දක් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද” යන ප්‍රකාශය මෙන් ජනතාව අද මහා භාණ්ඩාගාරයත් ආණ්ඩුවට “කජ්ජක්” ද යන්න ප්‍රශ්න කරන බවයි.