IMF එකෙන් අපිට ලැබෙන දේ හර්ෂ හෙළිකරයි - අර්බුදයෙන් ගොඩඑන්න විශේෂ යෝජනා 10කුත් ඉදිරිපත් කරයි..(VIDEO)

Report

පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීනව රට ගොඩනැගීම සදහා කරුණු 10කින් සමන්විත වැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. 

 ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම ලෙස නම් කර ඇති මෙය පසුගියදා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ණය අර්බුදය කළමනාකරණය, මුල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, අදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගිතා, වෙළදාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළදපොල ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මොහු ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙලට ඇතුලත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW