රැකියා සොයා රට යන කාන්තාවන් ප්‍රදර්ශනයට තබා ලිංගික කාර්‍යයයේ යෙදවූ සිද්දිය..

By Sithumi Nov 12, 2022 11:55 AM GMT
Sithumi

Sithumi

Report

ගෘහ සේවය ඇතුළු රැකියා, සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සහකාර පොලිස් අධිකාරිවරුන්  දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් පරීක්ෂණ සිදුකළ බවයි.

ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා  ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන මෙම තරුණියන් සහ කාන්තාවන් එරටට රැගෙන ගොස් තිබෙන අතර බොහෝ දෙනෙකු රැගෙන ගොස් ඇත්තේ සංචාරක වීසා භාවිත කරමිනි. පසුව එරට රැකියා නියෝජිත ආයතනයේදී කාන්තාවන් පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනව්.

ඇයට සිය තාමරයේදී  ලිංගික අතරවරයකට ලක් වූ බවයි ඕමානයේදී ලිංගික අතවරයන්ට ලක්වූ කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ ප්‍රකාශයකින් කියැවෙන්නේ. ‌මේ බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත්, සී.අයි.ඩීයටත්  දැනුම් දුන් බවත් සිය දෙමව්පියන්  අදාළ ආයතන වෙත  ගියත්  තමාට  සාධාරණයක් ඉටු නොවූ බව ඇය ප්‍රකාශ කලේ. ඇය මේ සම්බන්ධයෙන් හිතවත් කාන්තාවකට ද දැනුම් දී තිබේන අතර තමාගේ අතින් අල්ලන බවත් නිරුවතින් සිය කාමරයට පුද්ගලයින් පැමිණෙන බවත් ඇය ප්‍රකාශ කළ ද අදාළ කාන්තාව පවසා ඇත්තේ එය   සාමන්‍ය සිදුවීමක් බවයි.

මෙම ජාවාරම හෙළිදරව් කළ නිශ්සංක ප්‍රියදර්ශන නමැති පුද්ගලයා අනාවරණය කළේ, ඇතැම් ඒජන්සි හිමියන්  වයස අඩු ගැහැණු  ළමුන්ගේ  වයස වැඩියෙන් සඳහන් කර  ඕමානයට රැගෙන ගොස්   රට තුළ ඒජන්සි කාර්යාලවල රඳවා ගෙන   එරට  පුද්ගලයින්ට ගැහැණු ළමයි  මුදලට අලෙවි කරන බවයි. එසේම මෙහි රැකියාවකට පැමිණෙනවා නම්  ඒ සියල්ලට හුරු වන්නැයි ද ඇය පැවසූ බව මෙම කාන්තාව සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයේ දැක්වේ.

  ඇය මේ ගැටලුව පිළිබඳ ඕමානයේ  තානාපති කාර්යාලයට මෙය දැන්වූවත්  සංචාරක වීසා මත පැමිණී අය භාර නොගන්නා බව  පවසා තිබේ. මේ සම්බන්ධයෙන් කිසිම බලධාරියෙකු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වංචනික  ඒජන්සි හිමිකරුවන් වෙත යවා  තමන්ගේ දරුවන්ට මෙවන් තත්වයක් උදා නොකරන්නැයි සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා මේ පිළිබඳව අදහස් පල කරමින් කියා සිටියේ, මෙම  නියෝජිත ආයතන මගින්ම ගමන් බලපත්‍ර සකස් කර  සංචාරක වීසා මත  මොවුන්ව  විදෙස් ගතකොට  ඇති බවය.

 මෙම කාර්ය  තැරැව්කරුවන් මගින්  ශ්‍රී ලංකාව තුළත් ඕමාන් රාජ්‍යය තුළත් සිදු කෙරෙන බවත්  මේ කාන්තාවන් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක  මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වී ඇත්දැයි  වගේම  සම්බන්ධයෙන්  විමර්ශන කටයුතු පවත්වන බවය.  

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය සදහා සිය  දායකත්වය ද ලබාදුන් බව  තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.