අපිට 100%ක් පුරුෂ ලක්ෂණ නෑ ගෑනු කෙනෙක් වගේ sing කරන එක මට අවනම්බුවක් නෙවෙයි voice teen දිනපු හරිත් විජේරත්න (PHOTOS)

By Sithumi Dec 17, 2021 06:08 PM GMT
Sithumi

Sithumi

Report

හරිත් විජේරත්න කියලා කියන්නේ මේ දිනවල දී වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක්.සිරස නාළිකාව ඔස්සේ විකාශය කරන ලද sirasa voice teens නම් ජාත්‍යන්තර තලයේ සංගීත වේදිකාව තුළ දක්ෂ තරගකරුවන් රැසක් සමග ගීත ගායනා කර අවසන් සිව් දෙනා අතරට පැමිණ ඔවුන් සිව් දෙනාගෙන් කරට කර තරගයක් පවත්වා ජයග්‍රහණය හිමිකරගත් හරි අපූරු තරඟකරුවෙක් තමයි හරිත් විජේරත්න කියන්නේ

.කෝච් උමාරියා සිංහවංශ නම් අති දක්ෂ විනිසුරුවරිය යටතේ සංගීත කටයුතු පුරුදු පුහුණු වූ ඔහු ඔහුගේම ආරයෙන් අති දක්ෂ ලෙස තරග වැදුණා.ඔහුටම ආවේණික වූ බටහිර ආරයේ ගීත ශෛලිය ඔස්සේ රසිකයන් අතරට පැමිණි හරිත්, ජයවර්ධනපුර විශ්ව විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක් වීම විශේෂත්වයක්

. Voice teen තරඟය පුරාවටම ඔහු මතකයේ රැඳෙන තරගකරුවකු වූයේ ඔහුටම ආවේණික විවිධ පැතිකඩවල් වලින් ඔහු පෙන් වූ හැකියාවන් නිසායි.දිනක් වොයිස් ටීන් වෙදිකාවේ උමාරියා සිංහවංශ සමග නර්තනයේ යෙදුණු ඔහු සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ හද තුල මතක හිටින තරගකරුවෙක් බවට පත්වුණා.ඒ වගේම තමයි මේ වන විට සිව්වන වසරේ වෛද්‍ය සිසුවෙකු ලෙසින් රෝහල තුල වැඩ වැඩ කටයුතු කරගෙන යමින් සිටින හරිත්ට රෝහල් කාර්ය කාර්ය මණ්ඩලයෙන් ද ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. ඔහු blind audition එකේදී ගායනා කල හෙමින් සැරේ පියා විදා ගීතය ඔහුගේ ජයග්‍රාහි මාවතේ හැරවුම් ලක්ෂයක් වුණ

.එහිදී සියලුම විනිසුරුවරුන් ඔවුන්ගේ මනාපය ප්‍රකාශ කළ අතර ඔහුගේ ගීත ගයන දක්ෂතාව පිළිබඳව ඉතාමත්ම ධනාත්මක ප්‍රතිචාර ලබාදීම සුවිශේෂී කරුණක්.කෙසේ නමුත් දිනෙන් දින වැඩි දියුණු වූ ඔහුගේ දක්ෂතාවයන් සමගින් voice teen වේදිකාවේ ජයග්‍රාහි කිරුළ හිමිකරගැනීමට සමත් වූ ඔහු පසුගිය දිනක දී එක් වූ එක්තරා යූටියුබ් නාලිකාවක් මගින් පැවැත් වූ වැඩසටහනකදී ඔහුට එල්ල වූ ඍණාත්මක ප්‍රතිචාර පිළිබඳව පැවසූයේ මේ අයුරින්.

“මට ඇත්තටම ඒ ගොල්ලො ගැන ගොඩක් දුකයි.මම එයාලට බනින්න යන්නේ නැහැ.මොකද එයාල එයාලගේ කාලෙත් වැය කර ගෙන නාස්ති කරගෙන මං වෙනුවෙන් negetive කැම්පේන් එකක් කළා කියන්නෙ ඇත්තටම ඒක එයාලගේ ප්‍රශ්නයක්.ගොඩක් අය මට කිව්වා මම ගෑනු කෙනෙක් වගේ sing කරන්නෙ කියලා.ඇත්තටම ගෑනු කෙනෙක් වගේ sing කරනවා කියන එක මට අවනම්බුවක් නෙවෙයි.

අපි 100% ක් පුරුෂ ලක්ෂණ තියෙන අයත් නෙවෙයි 100% ක් ගැහැණු ලක්ෂණ තියෙන අයත් නෙවෙයි.පුරුෂ සහ කාන්තා ලක්ෂණ එකතු වුණහම ලස්සන සංකලනයක්.මට කියන්න තියෙන්නෙ මේ ලෝකෙ කිසිම කෙනෙක්ව විශේෂයෙන් ෆෑන්ස්ල හැටියට කිසිම දෙකින් හෙලා දකින්න එපා කියන දේ.දක්ෂතාවයයි අගයන්න ඕන “

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ ජයග්‍රහණයට හදවතින්ම සුබ පැතුම් එක් කරන අතරම ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වී දක්ෂ වෛද්‍යවරයෙක් ලෙසත් ගායන ශිල්පියකු ලෙසත් රටට සේවය කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

GalleryGalleryGalleryGallery
ReeCha