අගමැති සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනි පැට්‍රිෂියා ලසාරා පෙගෝ ගුවෙරා මහත්මිය අතර හමුවක් පැවැත්වී තිබේ.
මෙම හමුව ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු වූ අතර, එහිදී අධ්‍යාපන ක්ෂේත්රයේ දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, දැනුම හුවමාරු වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ මානව සම්පත් සංවර්ධනය කිරීම පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට එළඹ ඇත.
අධ්‍යාපනය යටතේ ගුරු පුහුණුව, උසස් අධ්‍යාපනය සහ තාක්ෂණික දැනුම හුවමාරු කිරීම වැනි ක්ෂේත්රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.