හෙට හවස 7ට.. මුළු රටම බලා සිටි තීරණය ලංකාවෙම දේශපාලනය උඩුයටිකුරු කරමින් හෙට පෙන්වීමට යන අගමැති
විවිධ පාර්ශ්වයන් කුමන කතා පැතිරවුව ද, ආණ්ඩු පක්ෂයේ 158 දෙනාගේ සාමූහික ශක්තිය සහ එකමුතුකම හෙට සවස පැවැත්වෙන ඡන්ද විමසීමේදී පැහැදිලිව දැකගත හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(24) දින පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ අද(24) දින පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය පෙන්වා දුන්නේ, මෙරට බහුතර ජනතාව දශක ගණනාවක් පුරා පීඩාවට පත්වූයේ නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය අහිමි වීම නිසා බවයි.
එසේම ඇය අවධාරණය කළේ යුක්තිය සහ නීතියේ පිහිට හිමිවන්නේ ධනවතුන්ට සහ දේශපාලන බලය හිමි පුද්ගලයන්ට පමණක්ය යන මතය ජනතාව තුළ තහවුරු වී තිබූ එම අඳුරු අතීතය වත්මන් රජය විසින් නිමා කරමින් සිටින බවයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගිය ද, තම කණ්ඩායම සතුව කිසිදු පෞද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, රට වෙනුවෙන් වූ එම සාමූහික අරමුණ අබමල් රේණුවක තරම්වත් සෙලවී නොමැති බව ප්‍රකාශ කළා.
එබැවින් හෙට පස්වරු 7.00 පමණ වන විට මෙම රට පරිවර්තනය කිරීමට වූ ආණ්ඩුවේ සාමූහික ශක්තිය සහ ස්ථාවරත්වය පාර්ලිමේන්තුව හමුවේ යළිත් වරක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවට ඇය වැඩිදුරටත් සඳහන් කළා.
"මේ 158 දෙනාගේ සාමූහිකත්වය අපිට හෙට බලන්න පුළුවන්. විවිධ කතා යනවනේ. හැබැයි අපිට මෙතන තියෙන්නෙ 158 දෙනෙක්ගේ පුද්ගලික ඇජන්ඩා නෙවෙයි. අපිට තියෙන්නේ සාමූහික අරමුණක්. ඒ සාමුහික අරමුණ අබමල් රේණුවකින් හෙලවිලා නෑ. ඒ නිසා හෙට හවස 7ට අපිට බලාගන්න පුළුවන් නැවත වතාවක් මේ රටේ මේ පරිවර්තනය කිරීම සඳහා ඒ සාමුහිකත්වය මැදිහත් වන විදිහ.."