හරිනි ගෙන් මෙරට පිරිසක් ගැන විශේෂ දැනුම්දීමක්..

Report

මියන්මාරයේ මයිවාඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය තායිලන්ත රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් මහතා සමඟ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

රට පුරා බොහෝ ප්‍රදේශ වල හදිසියේම ගෑස් වලට සිදු වූ දේ..යළි පෝලිම් ඇති වෙයි?..

රට පුරා බොහෝ ප්‍රදේශ වල හදිසියේම ගෑස් වලට සිදු වූ දේ..යළි පෝලිම් ඇති වෙයි?..


සයිබර් අපරාධ මධ්‍යස්ථාන වල සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගැනීමට තායිලන්ත රජය දැක්වූ දායකත්වයට අග්‍රාමාත්‍යවරිය එහිදී කෘතකඥතාවය ද එහිදී පළකර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ, තවත් ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු එහි තවදුරටත් සිරවී සිටින බවයි.

එම පිරිසද බේරා ගැනීමට අඛණ්ඩ සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය තානාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.