"..හරීන් මට අසභ්‍ය වචනෙන් බැන්නා.." මොකක්ද මේ ෆොන්සේකා හරීන් ගැටුම..(VIDEO)

Report

සමගි ජන බලවේගය විසින් ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළියේදී හරින් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර ගැටුමට මුල්ව ඇත්තේ, රැළියේ කථික ලයිස්තුවේ අනුපිළිවෙල යි.

මේ සම්බන්දයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ එම අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු ආචාරශීලී නොවන ලෙස හැසිරුණු බවයි.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now