"මම තීරණාත්මක හෙට පැය 8ක සැත් කමකට මුහුණ දෙනවා" - හරීන් ප්‍රනාන්දු තැබු සංවේදි සටහන
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ දිනවල අසනීප තත්ත්වය පසුවනවා.
මේ සම්බන්ධයෙන් එතුමා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සංවේදී සටහන පහතින්.
හෙට ඔක්තෝබර් පළවෙනිදා.මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා.පහුගිය මැයි මාසෙ 1වෙනිදාත් මේ වගේම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා. මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.
ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ. නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණ වලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.
අවදානම් සහගතයි. හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට . ඒ වෙනුවෙනුත් මම සූදානම්! එකම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්. මම රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ ,ඒ වෙනුවෙන් වෙහෙසුන,අදටත්,මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම් වල ආශිර්වාදය පතන, හිතා ගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථනාවන් මට විශාල ශක්තියක්.මා ගැන විමසීම් කළ සියලුදෙනාටම ස්‍තූතියි.
ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා. මගේ පවුලේ සියලු දෙනා,මගේ වෛද්‍යවරුන්,මගේ හිත මිතුරන් ,වගේම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා. අසනීප බවක් නො දැනෙද්දී පවා,තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා.
ඒක තාමත් මට අදහාගන්නට බැහැ. ඉතින්,හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා. මට ශක්තිය දුන්නු,මග වටේ අත්වැල් පවුරක් වුණු,ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.
මම හැමදාම සත්‍ය සහ හදවතට එකගව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා. ඉතින්, මීටත් වඩා ලෙංගතුව,මීටත් වඩා ශක්තිමත්ව,මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු. ඔබට ජය.! Tomorrow is the 01 of October. I will be facing an Eight-Hour long, decisive surgery tomorrow. On the 01st of May this year, I went through a similarly decisive test in life. During this short span of time, I understood by experience that not only every day is a challenge, but life itself is a challenge. Needless to say that I learnt a lot of lessons for life by living through this. I have faced risky trials and tests in my life, with regard to several matters
. I have never backed down from facing challenges and risks. But, facing a test that is completely life-related is challenging and risky, above all the trials and tests I’ve faced so far. I am ready for that too. It is strange to face the same challenge twice in life. Thank you from the bottom of my heart to all of you, who enquired about me, prayed for me and keep on praying for me from the time I was hospitalized, as per their beliefs and even those who trust in the nature. The massive support from the people makes me even more stronger. I am fondly reminded that everyone of you add a very broad meaning to my life.
I was strengthened by the heartfelt blessings from every single one of my family, my doctors, my friends and colleagues. I think it was God or a divine force of nature, which timely warned me at two most crucial moments, even when I was not feeling any physical discomfort. I still cannot believe that it so happened.
My conscience orders me that I have to dedicate my life for further betterment of the lives of my people. It goes onto order that I have to commit myself for the people, who strengthened me and those who supported me. I have always stood for the truth and what is right, as per my conscience. So, let’s meet someday in the future - and let that meeting be more comfortable, more closer, more heartfelt and full of strong vibes. Hebrews 13:6. So we say with confidence, “The Lord is my helper; I will not be afraid. ... May God bless you all ! Stay safe
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |