හරක් කටාට පැනලා යන්න උසස් නිලධාරීන්ගේ රථ ගාලේ යතුරු පැදියකුත් හංගලා.

CID - Sri Lanka Police Sri Lanka
By Wayomi Sep 29, 2023 09:24 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය ද CID ය භාරයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට පළා යෑම සඳහා යතුරුපැදිය සූදානම් කර ඇත්තේ දැනට අතුරුදන්ව සිටින කොස්තාපල්වරයා විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත .

හිමිකරුවකු නොමැති අති නවීන යතුරු පැදියක් සති කීපයක් තිස්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ රථ ගාලේ නතර කර තිබියදී ඒ පිළිබදව සොයා බලන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ව්‍යාජ අංක තහඩු සහිත එම යතුරුපැදියෙහි චැසි අංක ද වෙනස් කර තිබී ඇති අතර, එහි ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම ඉන්ධනවලින් පුරවා තිබූ බවයි.

ඒ, අනුව පොලිසීය පවසන්නේ හරක්කටාගේ පලා යෑමේ උත්සාහයට සහාය වූ පොලිස් කොස්තාපල්වරයා විසින් හරක් කටා පලා යෑමට සැලසුම් කළ දිනට පෙර දින මෙම යතුරු පැදිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ගෙනැවිත් සඟවා තබා ඇති බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත කැමරා පද්ධතිය කාලයක සිට අක්‍රියව තිබීම නිසා මෙම යතුරු පැදිය රැගෙන එන පුද්ගලයා හඳුනාගැනීමට නොහැකි බවයි ප්‍රකාශ කරන්නේ.   

ReeCha