හරක් කටා සම්බන්දයෙන් ආරක්ෂක බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Dec 29, 2024 03:04 AM GMT
Piyumika

Piyumika

Report

මෑතකදී ඇප ලබා අතුරුදන් වූ කුඩු සලිඳු හා පොඩි ලැසී පැනගිය ආකාරයටම සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාත් ඇප ලබා පැන යාමේ අවදානමක් ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් හරක් කටා සහ කුඩු සලිඳු 2023 මාර්තු 14දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන එනු ලැබීය.

අනේ මගේ රත්තරනේ .. අපි මේ දුක කොහොම දරා ගන්නද..

අනේ මගේ රත්තරනේ .. අපි මේ දුක කොහොම දරා ගන්නද..

ඉන්පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන වසර එකහමාරක් පමණ කාලයක් විමර්ශන කළද මෙතෙක් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටාට එරෙහිව මෙතෙක් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට 2017දී වැලිගම පොලිස් වසමේදී හරක් කටා සහ මිදිගම ලසන්ත අත්අඩංගුවට ගෙන පැවරූ නඩුව පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එහිදී හරක් කටා සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් හතක් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර තිබිණි.

පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කර තැබූ වෙිඩි ප්‍රහාරය ගැන තොරතුරු රැසක්...

පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කර තැබූ වෙිඩි ප්‍රහාරය ගැන තොරතුරු රැසක්...

මේ අනුව එම නඩුවෙන් ඇප ලබා පැමිණියහොත් හරක් කටාත් රටින් අතුරුදන්වීමේ වැඩි ඉඩක් ඇති බව බුද්ධි අංශ අනතුරු අඟවයි.

දැනට ඇති තොරතුරු අනුව පොඩි ලැසී හා කුඩු සලිඳු දෙදෙනාත්, අධිකරණයෙන් ඇප ලබා නිදහස්ව රටින් පැන ගත් කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල, කරන්දෙණිය රාජු, කරන්දෙණිය සුද්දා මෙන් රටින් පැන ගොස් ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.

You may like this video

ReeCha