හරක් කටා ගැන එළියට ආ අලුත්ම තොරතුර
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
පොලීසිය විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවෙන් පැන යාම සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
එම ජංගම දුරකථනය කඩවත ප්‍රදේශයේ කසල ගොඩක දමාගොස් තිබිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ.
ජංගම දුරකථනය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුට අයත් වූවක් බව සඳහන්ය.
පොලීසිය මේ වන විට සැක පළ කරන්නේ, අදාළ පොලිස් කොස්තාපල්වරයා මෙම පුද්ගලයා සමඟ කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර, කසළ ගොඩක තිබී සොයාගැනුණු මෙම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබාගෙන ඇති බවටයි.
